තම ජාතියටද පොකුරු බෝම්බ ප්‍රමාණවත් තොග ඇති බවත්, යුක්රේනයේ රුසියානු හමුදාවන්ට එරෙහිව එවැනි යුධෝපකරණ භාවිතා කරන්නේ නම් ඒවා භාවිතා කිරීමේ අයිතිය මොස්කව් සතු බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
රටවල් 100 කට වැඩි ගණනක මෙම පොකුරු බෝම්බ තහනම් කර ඇති අතර යුක්රේනයට එක්සත් ජනපදයෙන් පොකුරු බෝම්බ ලබා දී තිබෙනවා.
මොස්කව් සහ කියෙව් යන රටවල් දෙකම යුධ සමයේදී මෙම යුධෝපකරණ භාවිතා කර ඇති අතර යුක්රේන ප්‍රාදේශීය නිලධාරීන් රුසියානු හමුදා සිවිල් වැසියන් ඉලක්ක කර ඒවා භාවිතා කරන බවට චෝදනා කර අහි බව සඳහන්.
(colombotimes.lk)