05 May 2026

logo

රුසියානු සෞඛ්‍ය ඇමති දිවයිනට



රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස අද (03) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ තෙදින නිල සංචාරයක් සඳහායි.

මෙම සංචාරය අතරතුර රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම කොළඹ ජාතික රෝහල සහ වෛද්‍ය විද්‍යාලය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක්වීමටද නියමිත වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)