05 February 2025


SA Vs SL - Test | පළමු තරගයේ දෙවන දිනය අදයි



ස‍ංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (28) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාවේ sahara ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඊයේ (27) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ පන්දුවාර 20යි පන්දු 4ක් පමණයි.

එහිදී තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස් කරගෙන සිටියා.

(colombotimes.lk)