12 February 2026

logo

SL Vs ENG - 1Test | කමිඳුගෙන් ශතකයක් - චන්දිමාල්ගෙන් අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (24) පැවැත්වෙනවා.

සිව්වන දිනයේ දිවා ආහාරය සඳහා තරගය මේ වන විට නතර කර තිබෙන අතර ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 291ක් රැස් කරගෙන සිටිනවා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නොදැවී කමිඳු මෙන්ඩිස් ලකුණු 101ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා පළමු ඉනිම 236කට සිමා වූ අතර එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 336ක් රැස් කළා.

මේ වන විට ශ්‍රී ලංකාව ලකුණු 169ක් ඉදිරියෙන් සිටිනවා.

(colombotimes.lk)