colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - 2nd Test | ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි - පැතුම් නිස්සංකත් කණ්ඩායමට



සත්කාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29) පස්වරු 3.30ට ආරම්භ වනවා.

ඒ ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

එම ටෙස්ට් තරගය සඳහා තරග කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (28) නම් කළා.

කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස්ට සහ විශ්ව ප්‍රනාන්දුට එම තරගයෙන් ඉවත්වීමට සිදු වනවා.  

ඒ වෙනුවට පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම මේ වන විට තරග 1 - 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

හෙට ආරම්භ වන ටෙස්ට් තරගට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,



(colombotimes.lk)