colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - 2nd Test | පළමු දිනයේ වැඩි වාසිය එංගලන්තයට - දෙවන දිනය අදයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ඊයේ (29) ආරම්භ වුණා.

ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම පළමු දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට කඩුලු 07ක් දැවී ලකුණු 358ක් රැස් කරගෙන සිටියා.

එහිදී joe root ලකුණු 143ක් සහ gus atkinson නොදැවී ලකුණු 74ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ ලහිරු කුමාර කඩුලු 02 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (30) පැවැත්වෙනවා.

එය පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි.   

(colombotimes.lk)