12 February 2026

logo

SL Vs ENG - Test | පළමු තරගයේ දෙවන දිනය අදයි



ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (22) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ එංගලන්තයේ Manchesterහීදීයි.

පළමු දිනය සඳහා ඊයේ (21) දිනයේදී තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 22ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 236කට සිමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් මිලාන් රත්නායක ලකුණු 72ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 74ක් රැස් කළා.

(colombotimes.lk)