colombotimes.lk
සිංහල | English

17 September 2024


SL Vs ENG - 2nd Test | සිව්වන දිනය අදයි - තරගයේ ජය දෝලනය වෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 483ක ඉලක්කයක් හිමි වුණා.

තරගයේ 3වන දිනය සඳහා ඊයේ (31) තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 52ක් රැස් කරගෙන සිටියා.

මෙම තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 430ක් රැස් කළ යුතුයි.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 427ක් වන අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට රැස් කරගත්තේ ලකුණු 196ක් පමණයි.

සිය 2වන ඉනිම සඳහා එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගත්තා.

තරගයේ සිව්වන දිනය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimes.lk)