07 January 2026

logo

SL Vs ENG - 3rd Test | එංගලන්තයේ පළමු කඩුලු 2ක ලකුණු 35ක් තුළ බිඳ වැටෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය, තුන්වන දිනයේ දිවා ආහාරය සඳහා මේ වන විට නවතා තිබෙනවා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 35ක් තුළ බිඳ වැටුණා.

එංගලන්ත පළමු ඉනිම ලකුණු 325ක් වන අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා රැස් කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 263ක්.

ඒ අනුව මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 97ක් ඉදිරියෙන් රැඳී සිටිනවා.

(colombotimes.lk)