01 July 2025

logo

SL Vs IND - 1st ODI | නොසිතූ ලෙස සිංහයන් ක්‍රියාත්මක වෙයි



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරගත්තා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 56ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 67ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 231ක්.

(colombotimes.lk)