සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවන දිනය සඳහා මේ වන විට නතර කර තිබෙනවා.
තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 132ක්.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 42ක් පමණයි.
ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක් වුණා.
අද (28) තරගය නතර කරන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 281ක් ඉදිරියෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම රැඳී සිටියා.
මෙම තරගයේ තුන්වන දිනය හෙට (29) පස්වරු 1.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)