01 July 2025

logo

SL Vs SA - 1st Test | දකුණු අප්‍රිකා පළමු ඉනිම නිමාවෙයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4කදී සියලු දෙනා දැවී ලකුණු 191ක් රැස් කළා.

තරගයේ දෙවන දිනය වූ අද (28) තරගය ආරම්භ කරන විට අප්‍රිකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 80ක්.

ඒ අනුව අද දිනයේ අප්‍රිකා කණ්ඩායමේ අනෙක් කඩුලු 6 ලකුණු 111කට දැවී ගියා.

එහිදී නායක Temba Bavuma ලකුණු 70ක් සහ Keshav Maharaj ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 03ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් බිඳ දැමුවා.

(colombotimes.lk)