සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (09) පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සිව්වන දිනය සඳහා ඊයේ (08) තරගය නතර කරන විට සිය දෙවන ඉනිමේදී ලකුණු 348ක ඉලක්කයක් හඹා යන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන සිටියා.
එහිදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ලකුණු 39 බැගින් රැස් කළා.
තරගයේ පළමු ඉනිම ක්රීඩා කළ දකුණු අප්රිකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 358ක් රැස් කළ අතර ශ්රී ලංකාවට සිය පළමු ඉනිමේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 328ක් පමණයි.
දකුණු අප්රිකා කණ්ඩායම සිය දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී ලකුණු 317ක් රැස්කළා.
මෙම තරගයේ ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට සිය දෙවන ඉනිමේදී ලකුණු 348ක ඉලක්කයක් හිමි වුණා.
ඒ අනුව තරගයේ ජයග්රහණය වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනය වන අද දිනයේදී කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 143ක් රැස් කර ගත යුතු වනවා.
(colombotimes.lk)