colombotimes.lk
සිංහල | English

21 October 2024


SL Vs WI - 1st ODI | නිෂාන්ගේ සහ චරිත්ගේ සුපිරි ඉනිම් හමුවේ සිංහයන්ට විශිෂ්ට ජයක්



සංචාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය DLS න්‍යාය අනුව කඩුලු 5කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 38යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ සමඟ DLS න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37කදී හිමි වූ ඉලක්කය ලකුණු 232ක්.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5 ක් දැවී තරගයේ ජය හිමි කර ගත්තා.

එහිදී නායක චරිත් අසලංක ලකුණු 77ක් සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමි කර ගත් නිශාන් මධුෂ්ක ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 - 0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටිනවා.

(colombotimes.lk)