ඉල්ලීම් 04ක් මුල්කර ගනිමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංගම සමගි සේවක සංගමයේ සභාපති නිරෝෂන් සම්පත් ප්‍රේමරත්න සඳහන් කළේ පෞද්ගලික බස් රථ සමඟ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.
මෙලෙස හඳුන්වා දී ඇති ඒකාබද්ධ කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී. ඒ චන්ද්‍රපාල කියා සිටියේ කෙසේ වෙතත් සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමේ කටයුතු සිදු කළ බවයි.
වෘත්තීය සමිති විසින් සිදු කරන ඉල්ලීම් බහුතරයක් මේ වන විටත් ලබාදී අවසන් බැවින් මෙම වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සඳහන් කළා.
(colombotimes.lk)