08 January 2026

logo

තට්ටු දෙකේ බස් රථ නැවතත් භාවිතයට



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් තට්ටු දෙකේ බස් රථ 15ක් සංචාරක ව්‍යාපාරයේ භාවිතය සඳහා ප්‍රතිසංස්කරණය කර නැවත අනුයුක්ත කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. 

සංචාරකයන්ගෙන් අධික ගාස්තු අය කරන ත්‍රිරෝද රථ හිමියන්ගේ ඒකාධිකාරය බිඳ දැමීම සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානය සහ පූජා නගරය අතර මගී ප්‍රවාහනය සඳහා එම බස් රථ වලින් දෙකක් යොදවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)