colombotimes.lk
සිංහල | English

18 May 2024

කල් දැමුණු, ෆ්ලෑශ් බෑක් SUNDOWN Live in Concert පැවැත්වෙන දිනය මෙන්න



10 වසරකට පසු පානදුර පුරවරයට එන ෆ්ලෑශ් බෑක් සංගීත කණ්ඩායම සහභාගී වීමට නියමිතව තිබූ Sundown Live in Concert නැවත දැනුම්දෙන තුරු කල්දැමීමට සංවිධායක මණ්ඩලය පසුගියදා තීරණය කළා.

ඒ, මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව එළඹෙන ඔක්තෝම්බර් මස 6 වන දින යළි ප්‍රසංගය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේවෙතත් ඔබ විසින් පෙර මිලදී ගෙන ඇති ටිකට් පත් එදිනට වලංගු බවයි සංවිධායක මණ්ඩලය පැවසුවේ.

ඒ අනුව ෆ්ලෑශ් බෑක් සංගීතයට ඔබ ආදරය කරන චාමර වීරසිංහ, සනුක වික්‍රමසිංහ, වින්ඩි ගුණතිලක, සජිත ඇන්තනී, නාමල් උඩුගම සහ සෙව්වන්දි රණතුංග Sundown Live in Concert සඳහා සහභාගී වීමට නියමිතයි.

ඉතින් ඔබත් දැන්ම මේ සුපිරි ප්‍රසංගය සජීවීව දකින්න ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්න.

රුපියල් 500 සහ රුපියල් 1,000 (ආසන සහිතයි) ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පහත අංක අමතන්න,

ෂෙහාන් - 0772409334
අසිත - 0779419055
සිනෙත් - 0753413048
නදුෂ - 0757511461

ප්‍රවේශපත්‍ර Online වෙන් කරවා ගැනීම සඳහා පිවිසෙන්න.,
https://forms.gle/owdsMgbTU35tLBkc7
(සැ.යු. - තවත් ඉතිරිව ඇත්තේ සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් පමණි.)

Colombo Times Digital මාධ්‍ය අනුග්‍රහය සමඟ බලගැන්වෙන Sundown Live in Concert උණුසුම් තොරතුරු දැනගන්න අප සමඟම රැඳී සිටින්න.
(colombotimes.lk) 

No description available.