19 September 2025

logo

අග්‍රහාර රක්ෂණ ගැටලු විසඳීමට මහජන දිනයක් නම් කරයි



අග්‍රහාර රක්ෂණයට අදාළ මුදල් ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බව ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති නීතිඥ සාගලා අබේවික්‍රම මහත්මිය පවසනවා. 

පවතින ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා සඳුදා දිනය මහජන දිනයක් ලෙස නම් කිරීමට පියවර ගත් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. 
 
මීට අමතරව ගැටලු ඉදිරිපත් කිරීම සඳහා 077 3 646 900 දුරකථන අංකය සඳුදා දිනයේ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම ඇය පැවසුවේ, මෙම ගැටලුව හේතුවෙන් රක්ෂණ භාර අරමුදල සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති ප්‍රසාදය අවම වී ඇති බවයි. 
 
ත්‍රිවිධ හමුදාව හැර අනෙක් රාජ්‍ය සේවකයින් ලක්ෂ 18ක් පමණ අග්‍රහාර දීමනාවට හිමිකම් ලබන බවද සඳහන්. 
 
ඒ අනුව දිනකට අග්‍රහාර අරමුදල වෙත ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය 1,500 ඉක්මවන බවයි ඇය පැවසුවේ. 
 
ඉන් 750ක් පමණ අඩුපාඩු සහිත ඉල්ලීම් පත්‍ර බව ද සඳහන්. 
 
ඒ අනුව ඉල්ලීම් වලට සාපේක්ෂව මෙහි සේවක සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති වීමද මෙම ගැටලු ඇතිවීමට බලපා තිබෙනවා.
(colombotimes.lk)