06 May 2026

logo

සනත්ගේ වාර්තාව රයන් රිකල්ටන් උදුරා ගනියි



IPL ක්‍රිකට් ඉතිහාසයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දකුණු අප්‍රිකා ක්‍රීඩක රයන් රිකල්ටන් ඊයේ සමත්වුණා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩාමට එරෙහිව පැවැත්වෙන තරගයේදී පන්දු 44කින් ශතකයක් රැස් කරමින්.

මීට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත්ම ශතකය වාර්තා කළ ක්‍රීඩකයන් ලෙස සනත් ජයසූරිය සහ තිලක් වර්මා වාර්තා අතරට එක්ව සිටියා.

ඔවුන් පන්දු 45කින් ශතක වාර්තා කර තිබෙනවා.

සන්රයිසස් කණ්ඩායම සහ මුම්බායි කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 243ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.



(colombotimes.lk)