බස්නාහිර, දකුණ, උතුර, නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව පළාත්වල සියලු පාසල් දෙසැම්බර් 16වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසනවා.
ඔහු කියා සිටියේ ආපදා තත්ත්වය නිසා වසා දැමුණු උසස් පෙළ විභාගය ජනවාරි 12වනදා සිට 20වනදා දක්වා පැවැත්වෙන බවයි.
මේ අතර 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග 2026 පෙබරවාරි 14 සිට මාර්තු 02වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)
