22 February 2025


27වනදා තවත් පළාතක පාසල් වැසෙයි



මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 27වනදා එම පාසල් වසා තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යය වන මහා ශිවරාත්‍රිය එළඹෙන 26වනදා යෙදී තිබෙනවා.

ඒ හේතුවෙන් 27වනදා උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල්ද වසා තැබීමට තීරණය කළා.

එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)