තාරකා විද්‍යාඥයින් විසින් විශ්වය පුරා ඝෝෂා කරන 'හම්' යන ශබ්දයක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් පවසන්නේ, ගුරුත්වාකර්ෂණ තරංගවල පළමු සාක්ෂිය තමන් සොයාගත් බවයි.
එමෙන්ම මෙය වසර ගණනාවක් පුරා සිදුකරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලයක් බව සඳහන්.
මෙම පරීක්ෂණ සඳහා විද්‍යාඥයින් 100කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
එමෙන්ම උතුරු ඇමරිකාව, යුරෝපය, චීනය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල ගුවන්විදුලි දුරේක්ෂ භාවිතා කරමින් මෙම ශබ්දය ග්‍රහණය කරගෙන ඇති බව සඳහන්.
මේ හරහා විශ්වයට ප්‍රවේශ වීමේ නව පැතිකඩක් නිරාවරණය වූ බව විද්‍යාඥයින් පවසනවා.