04 December 2025

logo

මුහුදේ වර්ණය අත්භූත කොළ පැහැයකට හැරෙයි (PHOTOS)



පසුගිය දශක දෙක තුළ ලෝකයේ සාගරවලින් අඩකට වඩා හරිත පැහැයක් වර්ධනය වී ඇති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ඒ, චන්ද්‍රිකා හරහා සාගර මතුපිට වර්ණය මැනීමේදී එහි ශාක වැනි ක්ෂුද්‍ර ජීවීන් පිරිසක් වර්ධනය වී ඇති බව දක්නට ලැබීමයි.

එමෙන්ම මෙම ජීවින් බොහෝමයක් සූර්ය ශක්තිය ලබා ගන්නා විට කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බවද සඳහන්.

මීට අමතරව මෙම කළාප ඔක්සිජන් හිඟ මළ කළාප ලෙස නම් කර තිබෙනවා.

එයට හේතුව වන්නේ ජලයේ ඇති ඔක්සිජන් මෙම ශාක විසින් උරා ගැනීමයි.

පෘථිවියේ ඇති සාගර වලින් 56%ක මෙසේ පැහැය වෙනස් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාස වල ප්‍රතිඵල හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව වැඩිදුරටත් සඳහන්.
(colombotimes.lk) 

NASA-run satellites have confirmed that over 56 percent of the world
NASA
MIT and UK
The number of ocean
In oceanic