07 July 2025

logo

සබරගමුව පීරා විශේෂ මෙහෙයුමක්



සබරගමුව පළාත තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම මෙහෙයුම ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල සහ රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින් ඊයේ (06) ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 07දෙනෙක් සහ බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 19දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම මෙහෙයුම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරීන් 900කට අධික ප්‍රමාණයක් සහභාහී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)