නේපාලයේ දෝලඛා දිස්ත්‍රික්කයේ රෝල්වාලින් කඳු පන්තියේ පිහිටි Yalung Ri කඳවුරු භූමියට ඊයේ (03) උදෑසන දරුණු හිම කුණාටුවක් කඩා වැදී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හිම කුණාටුවේ බලපෑමෙන් කඳු නගින්නන් 07දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
මියගිය අය අතර විදේශිකයන් 05දෙනෙක් සහ නේපාලි මාර්ගෝපදේශකයන් දෙදෙනෙක් සිට තිබෙනවා.
එමෙන්ම තවත් නේපාලි කඳු නගින්නන් සිව් දෙනෙක් ද අතුරුදන්ව ඇති අතර සිව් දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
