01 September 2025

logo

2025 IPL තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්



2025 ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙරේදා (24) සහ ඊයේ (25) සවුදි අරාභියේදී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 6දෙනෙක්ව මිලදී ගෙන තිබෙනවා.

එමෙන්ම ක්‍රීඩක වෙන්දේසියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණව සිය කණ්ඩායම තුළ රඳවා ගත්තා.

ක්‍රීඩක වෙන්දේසියේදී දිල්ලි කැපිටල් කණ්ඩායම විසින් දුෂ්මන්ත චමීරව මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වනිඳු හසරංගව සහ මහීෂ් තීක්ෂණව එහිදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.

කමිඳු මෙන්ඩිස්ව සහ එශාන් මාලිංගව මිලදී ගෙන තිබෙන්නේ සංරයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින්.

එමෙන්ම නුවන් තුෂාරව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.



(colombotimes.lk)