මෙරට තුළ රාජ්‍යයන් ද්විත්වයක් තිබිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙළ 'රටම එකට - ජාතික මෙහෙයුම' වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිහිටුවන රාජ්‍යයක් පමණක් තිබිය යුතු බවයි.
එමෙන්ම කළු රාජ්‍ය මුළුමනින්ම විනාශ කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම වෙනුවෙන් පොලීසිය, බුද්ධි අංශය, හමුදාව, රේගුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කළ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩනගන බවයි.
(colombotimes.lk)
