වර්ෂාවත් සමග ජලාශ කිහිපයක්ම වාන් දමමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2 ක් සහ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර ඇති බව එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනි විදානපතිරණ මහත්මිය සඳහන් කළා.
එමෙන්ම මැණික් ගඟ භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි ඇය ජනතාවට දැනුම් දෙනවා.
පවතින වැසි හමුවේ බදුල්ල, කෑගල්ල,මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
අද සිට ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභායවයක් නිර්මාණය වෙමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.
(colombotimes.lk)