27 November 2025

logo

උතුරු මැද මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි



දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් උතුරු මැද පළාතේ ද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙන බවයි.
 
එමෙන්ම ජලයෙන් යටවී ඇති පහත සඳහන් මාර්ගවල ගමන් කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් වැඩිදුරටත් සඳහන් කළේ පහත සඳහන් මාර්ගයන් මේ වන විට ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කර තිබෙන බවයි. 

පොළොන්නරුව - මඩකළපුව මාර්ගය මනම්පිටිය ප්‍රදේශය 

පොළොන්නරුව - සෝමාවතී මාර්ගය සුන්ගාවිල ප්‍රදේශය

ඔයාමඩුව - සෙට්ටිකුලම මාර්ගය 

අනුරාධපුර - වාරියපොළ මාර්ගය දැදුරුඔය පාළම අසලින් 


(colombotimes.lk)