15 June 2026

logo

ශාරුක් ඛාන් ආබාධයකට ලක්වෙයි



බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් මාංශපේශී ආබාධයකට ලක්වී තිබෙනව.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී සිනමාගත කිරීමට නියමිත ශාරුක් ඛාන්ගේ නවතම සිනමාපටය වන King චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි. 

එය බරපතල නොවන මාංශපේශි කිහිපයක සිදු වූ ආබාධයක් බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

කෙසේ වෙතත ශාරුක් ඛාන් සහ ඔහුගේ කණ්ඩායම හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)