මන්නාරම දූපත ආශ්‍රීතව සුළං බලාගාරයක් ඉදිකිරීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය උපකරණ රැගෙන වාහන කිහිපයක් ඊයේ (26) රාත්‍රියේ එම ප්‍රදේශය හරහා ගමන් කිරීමේදී එයට ජනතාව විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මන්නාරම දූපත ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත සුළං බලාගාරය සහ ඒ ආශ්‍රිතව සිදු කෙරෙන ඛනිජ වැලි ගැනීම නවත්වන ලෙස ඔවුන් 55වන වරටත් මෙම විරෝධතාව දියත් කර තිබෙනවා.
මෙම විරෝධතාවය පාලනය කිරීමට පොලීසිය මැදිහත් වී තිබෙන අතර එහිදී ජනතාව හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම විරෝධතාවය අතරතුර පුද්ගලයන් තිදෙනෙක් ද තුවාල ලබා තිබෙනවා.
