27 October 2025

logo

විදුලිබල මණ්ඩලයට චෝදනාවක්



මෙරට ජාතික විදුලිබල කර්මාන්ත පද්ධතියට සූර්ය සෝලා පද්ධතිය මඟින් ඉහළ දායකත්වයක් සපයනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කළේ සෝලා ව්‍යාපෘති කඩාකප්පල් කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

එහිදී ඔවුන් කියා සිටියේ සූර්ය විදුලිබල කර්මාන්තයේ නියැළෙන පුද්ගලයන් 20,000කට පමණ රැකියා අවස්ථා අහිමි වී තිබෙන බවයි.

එමෙන්ම සෝලා පද්ධති මඟින් ජනනය වන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමද සීමා කර තිබෙනවා.

 
 
(colombotimes.lk)