මධ්‍යම අධිවේගී මාර්ගයේ 69වන කිලෝමීටර කණුව ආසන්නයේ රිය අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම රිය අනතුරින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙන බවයි.
මෝටර් රථයක් ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.
එම අනතුරින් මියගොස් ඇත්තේ කුලියාපිටියේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.
මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.
(colombotimes.lk)
