27 January 2026

logo

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්ගේ නඩුවක් ජාත්‍යන්තරයට යන ලකුණු



වැඩ තහනමට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු විසින් ජාත්‍යන්තර සංවිධාන කිහිපයකටද පැමිණිලි කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අභියාචනාධිකරණ නඩුව ජනාධිපති නීතිඥ මඬුල්ලක් හරහා ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. 

එමෙන්ම ජාත්‍යන්තර සංවිධාන වන අන්තර් පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය, පාර්ලිමේන්තු මහ ලේකම්වරුන්ගේ ජාත්‍යන්තර සංසදය සහ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)