27 November 2025

logo

ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු



ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය මේ වන විට මඩකලපුව සිට කි.මී. 120ක් ගිනිකොණ දෙසින්, ආසන්න වශයෙන් 6.7°N අක්ෂාංශයේ සහ 82.1°E දේශාංෂයේ කේන්ද්‍රගතව ඇති බවයි.

එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින අතර ඉදිරි පැය 12 තුළදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි අතර උතුරු පළාත, උතුරු-මැද පළාත, මධ්‍යම පළාත, වයඹ පළාත සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මි.මී. 200ට වැඩි 'ඉතා තද වැසි' ඇතිවිය හැකියි.


(colombotimes.lk)