ඉදිරි කාලයේදී නිරිතදිග මෝසම් වැසි සක්‍රීය වීමෙන් මහනුවර නගරය බරපතළ ලෙස ජල ගැලීම්වලට ලක්විය හැකි බව අනාවරණය කර තිබෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා පිළිබඳ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළා.
පසුගිය දිනවල ඇදහැලුණ වර්ෂාවත් සමඟ මහනුවර නගරයේ ස්ථාන කිහිපයක් බරපතල ලෙස ජලගැලීම්වලට ලක්වීම පිළිබඳව සිදුකළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියා.
මහනුවර නගරය ආශ්‍රිතව ඇති අවිධිමත් ඉදිකිරීම් මෙම ජල ගැලීම්වලට බරපතළ ලෙස බලපා ඇති බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
(colombotimes.lk)
