04 December 2025

logo

සිරිපා වන්දනා සමය අදින් ඇරඹෙයි



මෙවර සිරිපා වන්දනා සමය අදින් (04) ආරම්භ වනවා. 

අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ වෙසක් පොහොය දක්වා ක්‍රියාත්මකයි. 

2025 - 2026 සිරිපා වන්දනා වාරයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුව වෙත වැඩම කරවීම ඊයේ (03) අලුයම පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයේ සිට සිදු කර තිබෙනවා. 

ඒ ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්. 

(colombotimes.lk)