මෙරට භාවිතය තාවකාලිකව අත්හිටවූ Ondansetron නැමති ඖෂධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා 7දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ අදාළ කමිටුව විසින් Ondansetron භාවිතයෙන් පසු පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙන බවට කියන සිදුවීම සම්බන්ධයෙන් මෙන්ම එම ඖෂධයේ සංකුලතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි.
Ondansetron නැමති ඖෂධය මෙරට තුළ දෙලක්ෂයකට ආසන්න පිරිසක් භාවිත කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)
