08 January 2026

logo

නීති විරෝධීව මෝරුන් ඇල්ලූ 06කට වැඩ වරදියි



නීතිවිරෝධී ලෙස අල්ලා ගත් මෝරුන් කිලෝග්‍රෑම් 850කට අධික ප්‍රමාණයක් සමඟ ධීවරයන් 06දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වෙන්නප්පුව, වැල්ලමන්කර ධීවර වරායේ අද (06) අලුයම ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකාය විසින් සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාව තුළ සඟවා තිබියදී මෙම මෝර මසුන් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

වෙරළාරක්ෂක බළකා නිලධාරීන් භාරයට ගත් මෝර මසුන් සහ ධීවර යාත්‍රාව සමඟ සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සහ නීතිමය කටයුතු සඳහා වැල්ලමන්කර ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබෙනවා. 

(colombotimes.lk)