කතෝලික පියතුමෙක්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ලබන 29වනදා දක්වායි.
ඔවුන් අද (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29වනදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ බව පවසමින් අදාළ කතෝලික පියතුමන්ට එම පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
