colombotimes.lk
සිංහල | English

17 May 2024

හිම මෙන් සුදු සමක් ඇති Snow White කළු වෙයි (PHOTOS)



Disney Studios 2024 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත “Snow White” චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ගේ අප්‍රසාදයට පත්ව තිබෙනවා. 

එයට හේතුව “Snow White” පිළිබඳව ඇති නිර්වචනයේ ඇයට හිම තරම් සුදු සමක් තිබීම හේතුවෙන්. 
 
ඒ අනුව ලතින් සම්භවයක් ඇති නිළියක් හට හිම තරම් සුදු සමක් තිබෙන්නේ කෙසේදැයි ප්‍රේක්ෂකයින් ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ. 
 
මේ හේතුවෙන් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන Rachel Zegler විශාල අපහසුතාවයකට පත්ව තිබෙනවා. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමන් සම්බන්ධයෙන් පළකරන ද්වේශසහගත Post සඳහා තමන්ව Mention නොකරන ලෙසයි. 
 
එම Post බැලීමට පවා තමන් අකමැති බවද ඇය සඳහන් කළා. 
 
Zegler වැඩිදුරටත් සඳහන් කළේ, තම රංගන හැකියාව ඇගයීමට ලක්කළ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවයි.
(colombotimes.lk)