23 October 2025

logo

ස්පාඤ්ඤයේ ලැව්ගිනි දරුණු වෙයි



ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් එරට පුද්ගලයන් 2,500කට වැඩි පිරිසක් සිය ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පල්මාහි මෙම ලැව්ගිනි ඉතා දරුණු ලෙස පැතිරෙමින් පවතින බව එම වාර්තා වල සඳහන්. 
 
මේ වනවිට ගින්නෙන් ස්පාඤ්ඤයේ කැනරි දූපත් ආශ්‍රිතව හෙක්ටයාර් 4500ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. 
 
ගිනි නිවන භටයන් 300ක් පමණ ගුවන්යානාවල සහාය ඇතිව ගින්න නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටින බවයි වාර්තා වන්නේ. 
 
ස්පාඤ්ඤයේ පසුගිය වසරේ ලැව්ගිනි 500ක පමණ ප්‍රමාණයක් හටගෙන තිබූ අතර, ඉන් හෙක්ටයාර් ලක්ෂ 3කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වුණා.
(colombotimes.lk)