22 January 2026

logo

ක්‍රියාත්මක නොවූ කාරක සභා නිර්දේශ ගැන විශේෂ අවධානයක්



පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ, අදාළ වගකිව යුතු ආයතන විසින් ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව පසුගිය 21වනදා පළමුවරට රැස්වී තිබෙනවා.

ඒ එහි සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී ප්‍රමුඛතාවය ලබාදී සමාලෝචනය කළ යුතු ක්‍රියාත්මක නොවුණු කාරක සභා නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

9වන පාර්ලිමේන්තුවේ ලබාදුන් කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම් සොයා බැලීම කෙරෙහිද එහිදී කාරක සහාවේ අවධානය යොමුවුණා.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව යන කාරක සභා හතරේ ක්‍රියාත්මක නොවුණු  කාරක සභා නිර්දේශවලට ප්‍රමුඛතාව ලබාදී ඒවා සමාලෝචනය කිරීමට කාරක සභාව විසින් තීරණය කර තිබෙනවා.

 
(colombotimes.lk)