19 January 2026

logo

ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්



ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එළඹෙන බදාදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

ඉන්දියාවේ සිට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය ලබන මස 04වනදා සිට 12වනදා දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී  පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ගුජරාටයෙන් සොයාගත් සර්වඥ ධාතුන් වහන්සේ එලෙස ප්‍රදර්ශනය කරන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)