පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)