ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ එයට සුදුසු පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මේ වන විට දැනුවත් කිරීම් කරමින් පවතින බවයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
සභාපතිවරයා සඳහන් කළේ පැවති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයන් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමඟින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවයි.
ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදී එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයන් පිරිසකට මෙමඟින් ප්‍රතිලාභ ලබාදීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)