දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පැවති ජල පොම්පාගාර 343න් 156කට අර්ධ හෝ පූර්ණ හානි සිදුවී තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලයේ සභාපති, චන්දන බණ්ඩාර සඳහන් කළේ මේ වන විට එම ජල පොම්පාගාරවලින් 126ක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
තවත් ජල පොම්පාගාර 30ක් පමණ සකස් කරමින් පවතින බවද ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මීවතුර ජල පොම්පාගාරය අද (03) දිනය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එය ක්‍රියාත්මක කිරීමෙන් පිළිමතලාවට සහ ගෙලිඔය ජල සැපයුම ලබාදිය හැකි බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම මහනුවර ජල සම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එහෙත් එම ජල සැපයුම නගර සීමාව අර්ධ පරිමාණයෙන් ලබාදෙන බවත් මහනුවර සහ පේරාදෙණිය රෝහල්වලට සම්පූර්ණ වශයෙන් ජල සැපයුම ලබාදීමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
