13 May 2026

logo

අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්



අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.  

මේ වන විට පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දහවල් කාලයේද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇති වී තිබීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
 
මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම්දෙන්නේ විශේෂයෙන් පැයට කිලෝමීටර් 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් අධික වේගයෙන් ධාවනය කරන විට එකවරම තිරිංග යෙදීම අනතුරුදායක බවයි.


(colombotimes.lk)