වසා දමා තිබූ දෙණියායේ පාසල් හතර අද (13) යළි විවෘත කරන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසනවා.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය සඳහන් කළේ දෙනියාය ජාතික පාසල, දෙනියාය ශාන්ත මැතිව් පාසල, දෙනියාය රාජපක්ෂ විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ ප්‍රාථමික අංශය පැතිරී ගිය වෛරස් උණ රෝගයක් හේතුවෙන් පසුගියදා වසා දැමීමට කටයුතු කළ බවයි.
මේ අතර එලෙස පැතිර යන වෛරස් උණ රෝගය පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද පළාත් ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ක්‍රිසන්ත මහේන්ද්‍ර සඳහන් කළා.
දෙණියාය ප්‍රදේශයෙන් දැනට වෛරස් උණ රෝගය වැළඳුන රෝගීන් 50දෙනෙක් හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
