ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම පුද්ගලයන් 2024/2025 වර්ෂවලට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන පුද්ගලයන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
ආදායම් බදු ගෙවීම පිළිබඳව වැඩි විස්තර 1944 අංකයෙන් හෝ https://www.ird.gov.lk/SitePages/Default.aspx වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
